Thursday, February 12, 2015

කතක පැතුම


නිමක් නැති
රාග මගට
සෙවනකැයි
වීදී බැස....
වැරදුන
දිවිය
සරසන්නටැයි
දසදහසකට
පහස ලැබ....
නිදිවරා
තුන්තිස්පැයම
හෙටක් ගැන
සිහින දකිනවද
ලද....
කාසියට
ලදේ නුඹේ
ආත්මය
ගෙන ගොස්ය
දුර ඈත....
අම්බපාලියක සේ
ලැබ ගන්න
ආත්මය
කටුකය
මේ කම්සමය
තුල....

Wednesday, April 17, 2013

_සිත් කළු දුක_

නාඹර කුරුළු හිත
ගයන විහඟ ගීතය
කන් කළුය
අපට නම්....
ගයන ඒ විහඟ ගී හඬ
විරහ ගියක් වඟ
දන්නේ කිරිල්ලීයක
මිස
වෙන
කවුද?

දඩබ්බර මගේ හිත
විදීන ඇගේ රූ සිරීය
සිත් කළුය
මට නම්....
විදින ඒ රූ සිරිය
නෙතගට කදුලක් වග
දන්නේ නෙත් යුග
මිස
වෙන
කවුද?

2013.01.21
_හිත අද්දර_
නෙතු අද්දර දැවටුනු
සේයාවක රුව
හිත් හුයේ
දැන් දැන් මිමිනේනවා....
හිත පුරා රජ කරන
සේයාව මකා දාමා
නුඹ ඇවිදින්
හිත පුරා
රජ කරාවිදො
හිතෙනවා....
නිහඩ හිතක් ලඟ
නිදිබර නෙතට
කදුළු උනනවාට වඩා....
මුමුනන හිතක් ලඟ
විඩාබර නෙත
කදුළු සැලුවද නැත විඩා....
-වැහි බිද-
ගවි ගනන් දුරක් ගෙවා විත්
මා සුවඳත් රුඟෙන පොලොව යට සැගවුනේ
මා සුවද ඔබට නොදැනුනු නිසාවෙන්ද......