Thursday, February 12, 2015

කතක පැතුම


නිමක් නැති
රාග මගට
සෙවනකැයි
වීදී බැස....
වැරදුන
දිවිය
සරසන්නටැයි
දසදහසකට
පහස ලැබ....
නිදිවරා
තුන්තිස්පැයම
හෙටක් ගැන
සිහින දකිනවද
ලද....
කාසියට
ලදේ නුඹේ
ආත්මය
ගෙන ගොස්ය
දුර ඈත....
අම්බපාලියක සේ
ලැබ ගන්න
ආත්මය
කටුකය
මේ කම්සමය
තුල....