දෙනොදාහක්
කදු අතරින්
රත් පැහැය
හිත තැවරු
උඹ....
අරුනැල්ලේ
පිනි ඉහපු
හිත් තලයේ
සීතල උබ
වෙලුවා
බං....
නොදී විදගන්නට
අන් ළදක සිරිය
උබ
මගේ ඇස්
පිච්චූවා
බං....
නොදී රසවිදීන්න
අන් යුවතියක කටහඩ
උබේ
මිහීරී තෙපුල
මගේ දෙසවන්
බීහිරි කලා
බං....
උබ ලගම
නැවතුනේ
ඇතී ආදරේට මිස
වෙන එවුන් නැතුව නොවේ
බං....
නොගොස් දුර ඈත
නැවතුනාට
උබ ලගම
හිතන්නේපා
සුරියකාන්තයක් කියලා
මං....
2013.01.08

No comments:
Post a Comment